බප/ගම්/ කෑරගල සංඝරාජ මහා විද්‍යාලයේ 2024 වර්ෂයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවය මාර්තු මස ඉතාමත් සාර්ථක ලෙස පවත්වන ලදි.
මෙහිදී ගැමුණු, විජය, සිංහ යන නිවාස තුනක් යටතේ පවත්වන ලදි. එල්ලේ, වොලිබෝල්, ක්‍රිකට් වැනි කණ්ඩායම් ක්‍රීඩා තරඟ රැසක් හා උස පැනීම, දුර පැනීම, කෙටි දුර දිවීම, දිගු දුර දිවීම, යගුලිය හෙල්ල දැමීම වැනි තරඟ රාශියක්ම මෙහිදී පවත්වන ලදි. මෙහිදී කොට්ඨාස කලාප ආදී තරඟ සඳහා සිසුන් තෝරා ගැනීමට ඔවුන්ගේ දක්ෂතා හඳුනා ගැනීමට මහඟු අවස්ථාවක් උදා විය.






