පැමිණීම
- පාසල ආරම්භ කිරීමේ පෙ.ව. 7.25 සීනුව නාද වීමට පෙර පැමිණිය යුතුය.
- සිසුන්ට නියමිත පන්ති කාමර හා පරිසරය පිරිසිදු කර ආගමික වතාවත් සඳහා සූදානම් වීම.
- පාසලට පැමිණීමේදී හා නිවාස කරා යෑමේදී පාසලේ ගෞරවය රැකෙන පරිදි ගමන් කල යුතුය.
- අසනීප තත්ත්වයකදී හැර දිනපතා පාසල් පැමිණීම.
- පාසල් නොපැමිණි දින වලදී ඒ බව පන්ති භාර ගුරුතුමාට ගුරු දෙගුරු පොතෙහි දෙමව්පිය අත්සන සහිතව දැන්වීම.
- අසනීප තත්ත්වයකදී බැහැර වීමට සිදුවුවහොත් පන්තිභාර ගුරුතුමා දැනුවත් කර විධිමත් බැහැර වීම.
හැසිරීම
- පාසල තුළදීත් ඉන් පිටදීත් විදුහලේ ගෞරවය රැකෙන පරිදි විනීත ආචාරශීලීව හැසිරීම.
- පාසල ආරම්භයේදී හා අවසන් කිරීමේදීත් නියමිත ස්ථානයේ රැදී සිටිමින් ආගමික වතාවත් සිදු කිරීම හා එසේ නොහැකි අවස්ථා වලදී තමන් සිටි ස්ථානයේ සිට ආගමික වතාවත් වල නිරත වීම.
- සහෝදර සිසුන් සමඟ එකිනෙකාට ගරු කරමින් සුහඳශීලීව කටයුතු කිරීම.
- විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට ගෞරව කිරීම හා පාසල් කටයුතු අවසානයේ වැඳ නමස්කාකාරර පිටවීම.
- පොලිතින් සිලි උර ආදී දිරාපත් නොවන දෑ පාසලට රැගෙන ඒමෙන් වැළකීම.
- පාසල් කාලය තුළ පන්ති කාමරයේ හා ඉන් පිටතදීත් විනීතව හැසිරීම.
- ගුරුභවතුන් නොමැති විට පන්ති කාමරයේදී හා ඉන් පිටතදීත් ලබා දෙන පැවරුම් හෝ ඵලදායී ඉගෙනුම් කටයුත්තක නිරිතවීම.
- අන්සතු දේ නොගැනීම හා විනෝදය පිණිසවත් ඒවා තිබූ තැනින් ඉවත් නොකිරීම.
- පාසලේ පොදු දේපළ සුරක්ෂිත කිරීම හා ඒවා භාවිතයෙන් පසු නියමිත ස්ථානයේම තැබීම.
- සියලුම සිසුන් ශිෂ්‍ය නායක නායිකාවන්ගේ උපදෙස් පිළිපැදීම හා ඒ හැමදෙනා අචාර මණ්ඩලයට අවනත වීම හා ඔවුන්ගේ උපදෙස් පිළිපැදීම.
අධ්‍යාපන කටයුතු
- කාලසටහනට අනුව නියමිත පාඩම් සඳහා සූදානම්ව පැමිණීම හා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නියැලීම.
- නියමිත පොත්පත් ආදී භාණ්ඩ රැගෙන ඒම.
- පන්ති කාමරය නිතර පිරිසිදුව හා ක්‍රමවත්ව ඉගැන්වීම් කටයුතු සඳහා සුදුසු පරිදි පවත්වා ගැනීම.
- විෂය සමගාමී ක්‍රියාකාරකම්වල උනන්දුවෙන් නිරත වීම හා වගකීම් දැරීම.
- නිවාඩු කාලයන්හි උනන්දුවෙන් පෙළපොත් හා අභ්‍යාස පොත්වල ඉගැනීමේ කටයුතුවල ඵලදායී ලෙස නිරත වීම.
- වාර විභාග සඳහා සහභාගී වීම අනිවාර්ය වන අතර වාරයක් පාසා සාධන මට්ටම වර්ධනය කරගත යුතු වීම.
- දෙමාපියන් හා භාරකරුවන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නිරන්තර පාසල සමඟ සම්බන්දතා පවත්වා ගැනීම සහ පාසලට පැමිණීමේදී සුදුසු ඇඳුමකින් පාසලට පැමිණීම අනිවාර්ය වේ. (මව්වරුන් සාරියකින්ද පියවරුන් කමිසය සහ දිග කලිසම හෝ සරම)






