කෑරගල සංඝරාජ මහා විද්‍යාලය

නිර්මාතෘවරු

ගුරු දින වැඩසටහන - 2024 ඔක්තෝබර් මස 6 වැනි දින

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

       

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පෙ මැතිවරණ කොට්ඨාසයට අයත් කෑරගල සංඝරාජ මහා විද්‍යාලයේ භූමිය 20 වන සියවසේ මුල් භාගයේදී කෑරගල පේරුව භාරව සිටි බැලුම්මහර අබේවර්ධන මහතාගේ නොමසුරු පරිත්‍යාගයකි. එහිදී පාසලේ මුල් ගුරුවරයා වූයේ කිරිකිත්ත ගමේ පදිංචිව සිටි ජෝන් පීරිසි මහතාය. 

මෙකල බාලිකාවන්ට ඉගෙනීමේ භාග්‍ය නොලැබී තිබුන අතර එම අවශ්‍යතාවය ඉටු කිරීමක් වශයෙන් ගමේ ධානපතියෙකු වූ හෙළේනිස් රාජකරුණා විදාන ආරච්චි රාළහාමි විසින් තවත් ඉඩමක් නොමසුරුව පරිත්‍යාගයක් කළේය. එම ඉඩමේ රජයෙන් ඉදි කරන ලද අතු සෙවිලි කල ගොඩනැගිල්ලක බාලිකා විදුහල ආරම්භ කරන ලදි. 1968 දී මෙම පාසල මිශ්‍ර පාසලක් බවට පත් කරන ලදි.