කෑරගල ඓතිහාසික පසුබිම හා සංඝරාජ මහා විද්‍යාලය

කෑරගල පද්මාවතී යන ශ්‍රී නාමය ඉපැරණි යුගයේ පටන් අද දක්වා ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගේ හදවත් තුළ නොනිමෙන පහන් සිළුවක් සේ ආලෝකය පතුරුවමින් සනාතන සංස්කෘතික ජීවය පිළිබිඹු කරනා ඓතිහාසික පුරා වෘත්තයන්ගෙන් පණ ගැන්වී ඇති පද්මාවතී පිරිවෙන මහ සඟ ගණ විසින් ආරම්භ කළ ශාස්ත්‍ර ඥාණය ලැබ දුන් විහාරස්ථානයකි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ දී වීදාගම මෛත්‍රී හිමියන් රචනා කළ හංස සංදේශය කාව්‍ය සඳහා කේන්ද්‍රස්ථානය ලෙස තෝරා ගත්තේ කෑරගල ග්‍රාමයෙහි පිහිටී පද්මාවතී පිරිවෙනයි.
හංස සංදේශය කතුවරයා කෑරගල වෙහෙර වර්ණනා කර ඇත්තේ මෙසේය,
දිනුබිම මහිම ඇති මුනි මාර බල
වැනු තැනක් වැනි සතපින් සාර පල
තැනූ නොයෙක් කෙත්වත් සරු සාර පල
දනු පසිඳු වෙහෙරකි සැඳි කෑර ගල
මෙවැනි ඓතිහාසික ගමක එදා දැල් වූ දහම් පහන තව තවත් දසත ආලෝකමත් කරමින් ගම්වැසි දරුදැරියන්ගේ ශාස්ත්‍ර ඥාණය ඔප්නංවමින් ඉදිරියට යෑම සඳහා පිහිටුවා ඇති කෑරගල සංඝරාජ මහා විද්‍යාලය දිනෙන් දින දියුණුව කරා පියනඟන පාසලකි.
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් දොම්පේ මැතිවරණ කොට්ඨාශය නමින් හැඳින්වෙන වෙනරදේශය තුළ පිහිටි කෑරගල ඓතිහාසික ග්‍රාමය තුළ මෙම විදුහල පිහිටා ඇත. වර්ෂ 1918 කුමර විදුහල නමින් ප්‍රාථමික විද්‍යාලයක් ලෙස ඇරඹූ මෙය 2018 වන විට සියක් වසරක් සැපිරි 1- සී වර්ගයේ පාසලක් බවට පත් වී ඇත. පෝෂිත ප්‍රදේශයේ පාසල් අතර 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන මෙම විදුහල වසරක් පාසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සිසුන් යොමු කරන අවට ඇති එකම පාසල බවටත් පත් වී ඇත.
ග්‍රාමීය සිසුන් නගරයට ඇඳී යෑම වැලැක්වීමට ඇති එකම පාසල ද මෙය වේ. දොම්පේ කොට්ඨාශයේ පාසල් අතරින් අ.පො.ස. ( උ. පෙළ), අ. පො.ස. ( සා.පෙළ), 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල වසරක් පාසා ඉහළ නංවමින් දරුදැරියන්ගේ අභිවෘද්ධිය පතා නානාවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් දිනෙන් දින දියුණුව කරා පියනඟන පාසලක් බවට පත් වී ඇත.






