පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
කලිසමක ප්‍රමිතිය
- දිග කලිසම (පෝල්ට් එක) අඟල් 16ට වැඩි හා 18 ට අඩුවිය යුතුය.
- ජායා රෑපයේ පරිදි සාක්කුවක් පමණ තිබීම. සාක්කු පියන් නොතිබිය යුතුය.
- කලිසමේ බෑන්ඩ් ඒක අඟල් 1.5 ක් පමණ ඉක්මවා නොදැමිය යුතුය.
- ඇඟට තදවන සේ හෝ ප්‍රමාණයට වඩා විශාල ලෙස ඇඳුම් ඇඳීමට අවසර දෙනු නොලැබේ.
- කොට කලිසමේ වාටිය දණහිසින් අඟල් 1.5 ක් උසින් තැබිය යුතුය.
කමිසයක ප්‍රමිතිය
- අත් කොට කමිසය කලිසමට යට කල හැකි පරිදි මසා ගත යුතුය.
- කමිසයේ අත වැළමිටට මඳක් ඉහළින් තිබීම.
- අත් කොට කමිසයේ අත අඟල් 12-14 ත් අතර ප්‍රමාණයේ තිබීම සහ අනවශ්‍ය ලෙස තදකර හෝ ලිහිල් ලෙස සකස් නොකල යුතුය.
- දිවිත්ව මැහුම් නොදැමිය යුතුය.
- ඉදිරිපස හෝ පසුපස රැළි නොදැමිය යුතුය.

සුදු ගවුමක ප්‍රමිතිය
- ගවුමක රැලි ප්‍රමාණය අඟල් ඒකහමාරක් විය යුතුය.
- ගවුමෙහි ඉණ ප්‍රමාණය අතෙහි වැලමිට ළඟට තිබීම.
- ගවුමෙහි ඉදිරිපස කෙටි විවරයක් පමණක් තිබීම.
- ගවුමෙහි පටියද, රැල්ලක ප්‍රමාණයද අඟල් 1.5ක් ප්‍රමාණවත් වීම.
- ගවුමෙහි උස දණහිසට පහළින් අඟල් 2ක් පමණ තිබිය යුතුය.
- කොලරය ගවුමේ සුදුසු ප්‍රමාණයට තිබිය යුතුය.







