කෑරගල සංඝරාජ මහා විද්‍යාලය

ගුරු දින වැඩසටහන - 2024 ඔක්තෝබර් මස 6 වැනි දින

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
මව් පිය වන්දනා වැඩසටහන - 2024.07.23

මව් පිය වන්දනා වැඩසටහන - 2024.07.23

2024.07.23 දින ‌කෑරගල සංඝරාජ පද්මාවතී පිරිවෙන් රජමහා විහාර භූමියේදී කෑරගල සංඝරාජ මහා විදුහලේ සියලුම සිසුන් සඳහා

පූජ්‍යපාද කාව්‍ය විශාරද මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් මව් පිය ගුණ වරුණ වන්දනා වැඩසටහනක් පවත්වනු ලැබීය. එහිදී තම දරුවන්ට දෙමාපියන්ගේ ආදරය හා ඔවුන් ඇති දැඩි කිරීමට ගත් වෙහෙස මතක් කර දීම සිදුවිය. මෙහිදී සියලු දරුවන්ට දෙමාපියන්ගේ තුරුලෙහි පහස ලැබීමට වරම් ලද අතර එහිදී දූ දරුවන් මෙන්ම මව්පියන්ද ඉතා සංවේදී වීම සිදු විය. දරුවන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් ලෙස ඉතාමත් සාර්ථක වූ මෙම වැඩසටහන නැවත නැවතත් පවත්වන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලීම් ලද අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලු දෙමාපියන්ගේ, පරිත්‍යාගශීලීන්ගේ හා පාසල් කාර්ය මණ්ඩලයේ සහයෝගය ඉතා අගය කර සලකන්නෙමු.

Latest News

නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024

බප/ගම්/ කෑරගල සංඝරාජ මහා විද්‍යාලයේ 2024 වර්ෂයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවය මාර්තු මස ඉතාමත් සාර්ථක ලෙස පවත්වන ලදි.

මව් පිය වන්දනා වැඩසටහන - 2024.07.23

2024.07.23 දින ‌කෑරගල සංඝරාජ පද්මාවතී පිරිවෙන් රජමහා විහාර භූමියේදී කෑරගල සංඝරාජ මහා විදුහලේ සියලුම සිසුන් සඳහා

සඳ දිය දහර වැඩසටහන - 2023.01.20

විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ මත දරු දැරියන්ගේ රසවින්දන හැකියා පුළුල් කිරීම අරමුණු කොට ගෙන ගී රසවින්දන වැඩසටහනක් පැවැත්විණි.