පාසල් සෞඛ්‍ය සමාජය
දයාරත්න දුහල්පතිතුමාගේ අනුශාසකත්වය යටතේ 2001 වර්ෂයේදී අප පාසල් සෞඛ්‍ය සමාජය ආරම්භ වී 2004 වර්ෂයේදී විශිෂ්ඨ ධනාත්මක උන්නතියක් කරා ගොස් ඇත. එහිදී දෛනික වැඩ කටයුතු වශයෙන් පාසල් ගෙවත්ත නිතිපතා පිරිසිදු කිරීම පන්ති කාමර පිරිසිදු කිරීම හා වැසිකිළි කැසිකිළි පිරිසිදුව පවත්වා ගැනීම, පෝෂණ වැඩසටහනක් ලෙස කොළ කැඳ ලබා දීමද ඵලදායක සතිපතා ක්‍රියාකාරකමක් ලෙස හඳුන්වා දේ. කාබනික මිශ්‍ර පොහොර සැකසීමේ ව්‍යාපෘතියද සතිපතා පැවැත්වීම.
- ගම්පහ දිස්ත්‍රික්කයට ආදර්ශයක් වූ දොම්පෙ සෞඛ්‍ය ප්‍රවර්ධන පාසල් ඇගයීමේ වාර්ෂික උත්සවය 2004 දී පැවැත්වීම.
- 2004 වර්ෂයේදී දොම්පෙ කොට්ඨාසයේ ප්‍රබුද්ධ පාසල් 5 අතරින් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන තිබීම.
- 2004 වර්ෂයේ අගෝස්තු 15 වන දින ලේ දන් දීමේ වැඩසටහනක් කිරීම හා වෛද්‍ය සායනයක් පැවැත්වීම.
- 2008 වර්ෂයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන පාසල් වැඩසටහන සාර්ථකව පවත්වාගෙන යාම හේතුවෙන් බස්නාහිර පළාත් ඇගයීම් වශයෙන් සහතිකයක් පිරිනැමීම.
- 2009 දෙසැම්බර් 07 වන දින පාසල් සෞඛ්‍ය දිනය සඳහා වැඩසටහනක් පැවැත්වීම.
- 2010 වර්ෂයේදී සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ශිෂ්‍ය නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැත්වීම.
රතු කුරුස සංගමය
2023 වර්ෂයේදී පාසලේ රතු කුරුස සංගමය පිහිටුවීම සඳහා සාමාජිකත්වය ගැනීම, ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් පැවැත්වීම, 2023 දෙසැම්බර් මස 20 වෙනි දින වීරසිංහ ගුරු මහත්මියගේ ප්‍රධානත්වයෙන් රතු කුරුස සාමාජිකයන්ට පදක්කම් පැළඳ වීම ගම්පහ දිස්ත්‍රික් තරුණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ ප්‍රථමාධාර උපදේශක සහ මීගමුව කොට්ඨාස රතු කුරුස සංගමයේ සභාපති දුලිත ප්‍රනාන්දු මහතා දොම්පෙ කොට්ඨාස රතු කුරුස සංගමයේ සභාපති ලක්ෂ්මන් ගනේආරච්චි මහතා දොම්පෙ මහජන සෞඛ්‍ය පරීක්ෂක පරිපාලන නිලධාරී රත්නසිරි මහතා මේ සඳහා සහභාගී විය.







