ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 E වගන්තියට අනුව "ස්වභාව ධර්මය සහ ස්වභාවික සම්පත් රැක ගැනීම ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේම යුතුකමක් වන්නේය." ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිගත මෙම වගන්තිය යථාර්ථයක් බවට පත් කරමින් 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත යටතේ 1981 වර්ෂයේදී මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපිත කරන ලදි. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ මූලික අරමුණ පෙරදැරි කර ගනිමින් ශිෂ්‍ය ප්‍රජාව හා පරිසර සංරක්ෂණයෙහි පුරෝගාමීන් බවට පත් කිරීමේ ප්‍රයත්නයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය ඒ්කාබද්ධ වෙමින් පරිසර නියමු වැඩසටහන පාසල් පද්ධතිය තුල ක්‍රියාත්මක කරනු ලබයි. එහි ආදර්ශ පාඨය වන්නේ "පරිසරය අප රකී- රකිමු අපි පරිසරය" යන්නයි.
2022 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පාසලේ පරිසර නියමු පදක්කම් වැඩසටහන ආරම්භ කරන ලදි. එහිදී ශාරීරික සුවතා වැඩසටහන් කිරීම, රුක් රෝපණය හා ඒවා නඩත්තු කරමින් සතිපතා මාස්පතා වාර්තා තබා ගැනීම සිදු කරන ලදි. පරිසරය හා සම්බන්ධ විශේෂ දින වලදී සිදු කරන ලද වැඩසටහන් වලට සහභාගී වීම හා ලෝක පරිසර දිනය හා වෙනත් පරිසර වැඩසටහන් වලට සහභාගී වීමද පාසලේ සිසුන් විසින් කරන ලදි. තවද 2023 වර්ෂයේදී හරිත වර්ණ පදක්කම අප පාසලේ පරිසර නියමු කණ්ඩායම විසින් ලබා ගන්නා ලදි.

තවද මෙම කණ්ඩායම විසින් රජත පදක්කම ලබා ගැනීම සඳහාද අවශ්‍ය ඉදිරි පියවර ගනිමින් සිටිනු ලැබේ.






